Premitha Sinhala Academy
Welcome
_________________________________
___
කෑරගලය වැජඹෙයි මේ ලෙසින් සිට
මෙම පද්‍ය සංග්‍රහය හංස සංදේශයයි. හංස සංදේශය පද්‍ය 204 කින් සමන්විතය.කෝට්ටේ රාජධානි යුගයේ සිව්වන පරාක්‍රම බාහු රජු සමයේ(ක්‍රි.ව.1412- ක්‍රි.ව.1580)ලියවුණකි.
සන්දේශ සාහිත්යආරම්භය දෙස බලන විට ලංකාවේ සංදේශ සාහිත්‍ය වර්ධනයට ඉන්දීය සාහිත්‍ය බලපා ඇති බව පෙනේ. මුලින්ම හදුනා ගැනීමට හැකිවන දූත කාව්‍ය ලෙස 5 වන සියවසේ උතුරු ඉන්දියාවේ මහා කවී කාලිදාස විසින් සංස්කෘත භාෂාවෙන් රචිත මේඝ දූතය හැදින්විය හැක.මෙහි දූතයා ලෙස යොදා ගත්තේ මේඝය හෙවත් වළාකුළ නැමති අචේතනික වස්තුවකි.
ලංකාවේ සිංහල සංදේශ සාහිත්‍යාවලියේ ආදිතම කෘතිය ලෙස සැලසෙන්නේ මයුර සංදේශයයි. සෑම සංදේශයකම පොදු ආකෘතියක් ඇත. එනම්,
- ආසිරි
- දූ ත පැසසුම
- අරමුණ දැක්වීම
- වැනුම.
පුර වැනුම රජ වැනුම. මග වැනුම
- යා යුතු තැන
- සංදේශය ලබන තැනැත්තා
- අස්නය
- සුබ පැතුම
එය මෙසේය :-
සැරදේ හස රද සඳ
පුන් සද පහන් පිරිසිදු
පියකරු පියන් පිරි
පියවුරු ලෙසින් හොබනා
එසේම දූත පැසසුම දසපද සැහැල්ලක් ලෙස ලියා ඇත. හංස සංදේශයේ අරමුණ. ලෙස සටහන් වන්නේ කෑරගල පද්මාවතී පිරිවෙනාධිපති වන. වනරතන හිමියන් ලවා සමන්,විභීෂණ, උපුල්වන් හා ස්කන්ධ කුමාර යන සතර වරම් දෙවිවරුන්ට රතන සූත්‍රය ලක්ෂ්යවාරයක් පිරිතක් ලෙස කියවා පින් අනුමෝදන් කොට ඒ පින් බලෙන් සිරි පැරකුම්බා රජතුමා කෙරෙහි කරුණාවෙන් සෙත් සලසන ලෙස ඉල්ලීමක් කිරීමයි. සංදේශ ආකෘතියට අනුව ඔබට නියමිත පද්‍ය 10ඇතුළත් වන්නේ හංස සංදේශයේ "කෑරගල පද්මාවතී වෙහෙර වැනුම" කොටසිනි. මෙහි පරිසර වර්ණනා ඉතා අව්‍යාජ එකකි. මෙම ගම් පියසේ ආගමික පසුබිම සොබා සෞන්දර්ය ආර්ථික සෞභාග්‍ය. මනාව පැහැදිලිය . හංස සංදේශ කතුවරයා ලෙස සඳහන් වන්නේ වීදාගම මෛත්‍රීය හිමියෝ. එතුමන් රචනා කළ ග්රන්ථ ලෙස,
- ලෝවැඩ සඟරාව
- බුදුගුණ අලංකාරය
- දහම් ගැට මාලාව
- කවි ලකුණ මිණිමල
- එළු අත්තනගල්ල වංශය සඳහන් කළ හැක.
- මුල්ම දූත කාව්‍ය කුමක්ද?
- එහි දූතයා නම් කරන්න.
- සන්දේශ කාව්‍යයක් පොදු ලක්ෂණ 3 ක් ලියන්න.
- හංස සංදේශය ලියැවී ඇත්තේ කුමන රාජධානි සමයකදී?
- හංස සංදේශයේ කතුවරයා කවුද?
- එතුමාගේ වෙනත් කෘති 3 ක් ලියන්න.
- හංස සංදේශයේ නිමිත්ත කෙටියෙන් ලියන්න
- හංස සංදේශය ලියැවී ඇත්තේ කුමන රජු දවස්වල?
- කෑරගල යන්න රසවාහියෙහි සදහන් වන්නේ කිනම් නමකින්?
- මෙම සංදේශයේ දූතයා කවුරුන්ද?
මෙම ප්‍රශ්න පත්‍ර සඳහා පිළිතුරු සපයන්න.පසුව සාකච්ඡා කරනු ලැබේ.
- විභක්ති -
නමින් පරව බෙදනු ලබනුයේ විභත් නම් යෙදේ. (සිදත් සඟරාව )
කිසියම් නාම ප්රකෘත්තියක් අර්ථ බෙදා දැක්වීම සඳහා සංයෝග වන්නේ විභක්ති යි.
⚫ නාම ප්‍රකෘත්තිය➡මිනිස්
➕
⚫විභක්ති ප්‍රත්‍ය ➡ආ
➕
⚫විභක්ති පද ➡මිනිසා
විභක්ති ප්‍රත්‍ය එකතු වී සෑදෙන විභක්ති පද
ඒක වචන
නාම ප්රකෘත විභක්ති ප්‍රත්‍ය විභක්ති පද
ආ මිනිසා
ආට මිනිසාට
මිනිසා ➕ ආගෙන් මිනිසාගෙන්
ආගේ මිනිසාගේ
මෙසේ සිංහල භාෂාවෙ විභක්ති 9 ක් දක්නට ලැබෙන අතර ඒ සියල්ල ඒක වචන බහු වචන හා ස්ත්‍රී ලිංග / පුරුෂ ලිංග / නපුංසක ලිංග යන ලිංග වලත් වරනැගිය හැක.
-----------------------------------------------------------------------------------------------------------------------
කෙටි කතා
අපට වැසිකිලියක් - කේ .ජයතිලක
'අපට වැසිකිලියක්' පාඩම මෙතනින් download කරගන්න
DOWNLOAD
Good
ReplyDelete